Friday, March 16, 2012

මානසික රෝගීන් සහ ෆේස්බුක්

එක එක හේතු නිසා බ්ලොග් එකට එන්න ලැබුනේ නෑ සෑහෙන කාලෙකින්. මිනිස්සු උනහාම එක එක ප්‍රශ්න එනවානේ...දැන් ඒවා හරි.බ්ලොග් එකේ ස්වරූපයත් ටිකක් වෙනස් කරා. මීට පස්සේ දිගටම මේ බ්ලොග් එක කරගෙන යන්න මට පුලුවන් වෙයි.එහෙනම් දැන් කියවන පටන් ගමු : )


ෆේස්බුක් එක ගැන නම් කාටවත් අමුතුවෙන් කියන උවමනා නැහැ.හැමෝගෙම එදිනෙදා ජීවිතේ අංගයක් බවට අද වෙනකොට ෆේස්බුක් පත්වෙලා ඉවරයි.ඒ තරම්ම පිරිසක් අදවෙනකොට ෆේස්බුක් බාවිතා කරනවා. "හොදට නරකට දෙකට කටමය "..වගේ ෆෙස්බුක් එකත් අද ඒ දෙකටම යොදාගැනෙනවා.
ඒත් මේ වෙනකොට හොදට වඩා නරකට ෆේස්බුක් බාවිතා කරන එක ලංකාවෙත් එන්න එන්නම වැඩිවෙනවා. මෑතක ඉදන් තමන්ගේ පහත් අශාවන් ඉශ්ට කරගන්න බැරිවුන මානසික රෝගීන් මේ හරහා ඒ ආසාවල් ඉටුකරගන්න උත්සාහ කරන එක නම් ඉතාම භයානක කාරණයක්.
ඒත් එක්කම ලංකාවෙ ඉන්න ජාතින් අතර අසමගියක් ඇතිකරන්න උත්සාහ කරන පිරිසකුත් අපිට මේ වෙනකොට දැකගන්න පුලුවන්.

මේ වගේ කාරනා නිසා දැන් ඉස්සර වගේ නිදහසේ ෆෙස්බුක් යන එකත් ගොඩක් දෙනෙක්ට අහිමියි.ෆේස්බුක්එකේ හිටය යහපත් ගතිගුණ තිබුන අය අද වෙනකොට ඒ ගැන කලකිරිලා ෆේස්බුක් එකෙන් ඉවත් වෙලා.එහෙමත් ඒ අයගේ එකවුන්ට් හැක් කරලා.ගැහැණු ළමයි වගේ ඉන්නේ නපුංසක පිරිසක්.ගොඩක් ඇත්ත ගැහැණු ළමයින්ට මේ අය නිසා වෙන කරදර අනන්තයි.පිරිමි ළමයින්ටත් මේ වගේම නොයෙකුත් අන්දමේ කරදරවලට අද වෙනකොට මූණපාන්න සිදුවෙලා.

මේ වගේ සුළු,මානසික රෝගී පිරිසක් කරන දේවල් නිසා අපහසුතාවයන්ට ලක්වන පිරිස අනන්තයි.ඔයාලාටත් මේ වගේ අයගෙන් ගොඩක් කරදර වෙලා ඇති.අසභ්‍ය වචනවලින් බැනලා..ඒ වගේම පින්තූර ටැග් කරලා,ඔයාලාගෙ පින්තූර අරන් වෙන ප්‍රොෆයිල් හදාගෙන..මේ වගේ නොයෙකුත් දේවල් ඔයාලාටත් වෙලා ඇති.

ඉතිං ඇයි අපි මේ වගේ අයට ඉඩදීලා බලාගෙන ඉන්නේ.මේ වගේ අයව නවත්වන්න අපිට මොනවද කරන්න පුලුවන් ?  ඉස්සරලාම කරන්න පුලුවන් දේ තමයි මේ වගේ මානසික රෝගින්ව බ්ලොක් කරන එක,එහෙමත් නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් කරන එක..ඊට පස්සේ පිට පුලුවන් මේ අය ගැන රිපෝර්ට් කරන්න.ඒත් එක රිපෝර්ට් කිරීමකින් ප්‍රොෆයිල් එකක් ඉවත් වෙන්නේ නැහැ.සාමාන්‍යයෙන් එකම විදිහේ රිපෝර්ට් 20 ක් වත් ඕන කරනවා ෆ්‍රොෆයිල් එකක් අයින් වෙන්න.ගොඩක් අසභ්‍ය දේවල් තියන ෆ්‍රොෆයිල් එකක් නම් ඊට වඩා අඩු රිපෝර්ට් ගානකින් ඉවත් කරන්න පුලුවන්.
මේ වගේ අයව පිරිසක් එකතුවෙලා රිපෝර්ට් කරනවා නම් ගොඩක් ඉක්මනට අපිට මේ වගේ අයව ඉවත් කරන්න පුලුවන්.ඒ නිසා  මේ වගේ අයව රිපොර්ට් කරන්න ගෲප් එකක් තියනවා " පීඩාකාරී fb ගිනුම් නවතාලමු - Hate Abusive fb Profiles " ,මේ වගේ මානසික රෝගීන්ට විරුද්ධව වැඩ කරන්න කැමති නම් ඒ ගෲප් එකට එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා.ෆේස්බුක් එකේ ඉන්න කාගෙන් හරි ඔයලාට පීඩාකාරී දෙයක් වෙනවා නම් ඒ කෙනාගෙ ප්‍රොෆයිල් ලින්ක් එක මේ ගෲප් එකේ පොස්ට් කරන්න පුලුවන්.එතකොට ගෲප් එකේ අය ඒක රිපෝර්ට් කරනවා.


ඒ වගේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවත් ෆේස්බුක් හරහාම විතරක් නෙමෙයි,අන්තර්ජාලයෙන් සිදුවෙන අපරාධ වලක්වන්න ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) නමින් විශේෂ ඒකකයක් පිහිටවලා තියනවා.ඔයාලාගෙ එකවුන්ට් එක හැක් උනොත්,ෆේස්බුක් හරහා යම් අසාධාරණයක් වෙනවා නම් හෝ ලංකාව තුළ වෙන‍ත් ඕනැම අන්තර්ජාල අපරාධයක් සම්බන්ධව මේ ඒක්කකයට පැමිණිලි කරන්න පුලුවන්.

මේ තියෙන්නේ ඒකේ විස්තර >  
Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,
               Colombo 07, Sri Lanka.
Tel  : +94 11 269 1692 / +94 11 269 1064 / +94 11 267 9888
Fax : +94 11 269 1064 
E-Mail : slcert@cert.gov.lk

එහෙනම් මේ තමයි අද ලිපියේ අවසානය.මේ ලිපිය ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරලාම යන්න.එහෙනම් මම ගියා... ජය වේවා !

  

Wednesday, October 19, 2011

Dongal එක Unlock කරගමු

ඉතිං කොහොමද කට්ටියට... ඔන්න අදත් මම් ඔයාලාට වැදගත්වෙයි කියලා හිතෙන දෙයක් අරගෙන ආවා.අපි ගොඩක් දෙනෙක් අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ ඩොන්ගල් බාවිතා කරලා කිවුවොත් මම වැරදි නෑ.මොකද අන්තර්ජාලයට ඕනම කෙනෙක්ට සම්බන්ද වෙන්න පුලුවන් ලේසිම ක්‍රමය තමා ඩොන්ගල් එකක් බාවිතා කිරීම.හැබැයි ගැටළුවකට තියෙන්නේ...අපි පාවිච්චි කරන ගොඩක් ඩොන්ගල්,එක සිම් වර්ගයක් පමණක් පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොක් කරලා තියන එක.අපි කීයක් හරි හොයාගෙන ගන්න ඩොන්ගල් එකටත් ලොක් එකක් දාල දෙනවා ...හරියට " අපේ සිම් එකක් ඇර වෙන එකක් පාවිච්චි කරොත් බලාගෙනයි ! " වගේ.එහෙම කියලා අපි සල්ලි දීලා ගන්න අපේ ඩොන්ගල් එක කාටවත් ඕන විදිහට පාවිචිචි කරන්නේ මොකද ? අන්න ඒ නිසා තමයි ඔයාලා එහෙම ලොක් කරපු ඩොන්ගල් එකක් පාවිච්චි කරනවා නම් ඒක අන්ලොක් කරගෙන,අපිට ඕන සිම් එකක් දාලා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ලේසි ක්‍රමයක් කියලා දෙන්න මම අදහස් කරේ.

අපි ගොඩක් දෙනෙක් බහුලව බාවිතා කරන්න ඔන්න ඔය වර්ග දෙකේ ඩොන්ගල්.ඉතිං අපිට ඩොන්ගල් එක අන්ලොක් කරගන්න නම් අපි පාවිච්චි කරන ඩොන්ගල් එකේ IMI CODE එක දැනගෙන ඉන්න ඕනේ.මේ කෝඩ් එක පහසුවෙන්ම හොයා ගන්න පුලුවන් ඩොන්ගල් එකට සිම් එක දාන තැන බලපුවහාම...ඒක හොදට බලලා හරියටම ලියලා තියාගන්න.
ඉස්සරලාම මම කියන්නම් ZTE ඩොන්ගල් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා.. පහල තියන ලින්ක් එක ක්ලික් කරලා එන page එකට යන්න.


එහෙම ක්ලික් කරාට පස්සේ මේ වගේ page එකක් ඔයාලාට දකින්න පුලුවන්
 ඒ එන page එකේ මම රතු පාටින් පෙන්නලා තියන තැනට අපි අර කලින් හොයාගත්ත IMI එක නිවැරදිව ටයිප් කරන්න.ඊට පස්සේ GET NCK කියන තැන ක්ලික් කරන්න.එතකොට ඒ imi එකට අදාල අන්ලොක් කෝඩ් එක ලැබෙනවා.ඒකත් හරියට ලියලා හරි new txt එකක හරි paste කරලා තියාගන්න.ඊට පස්සේ දැන් ඩොන්ගල් එකේ තියන සිම් එක අයින් කරලා...ඩොන්ගල් එක සපෝර්ට් නොකරන වෙන නෙට්වර්ක් එකක සිම් එක දාලා ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කරන්න.එතකොට unlok code එක අහලා එන තැනට අපි අර කලින් ලබාගත්තු unlock code එක ඇතුලත් කරලා ok කරන්න.දැන් වැඩේ හරි.කැමති සිම් එකක් දාලා දැන් ZTE dongal එක පාවිච්චි කරන්න.

Huwavi Dongal එක unlock කරන්නේ මෙහෙමයි.පහළ තියන code එක ඔයාලාගේ browser එකේ address bar එකට copy paste කරගන්න.

http://bb5.at/huawei.php?imei=$$$$$$$$$$$$$$$

ඒකේ $ තියන ටික මකලා ඔයාගේ ඩොන්ගල් එකේ IMI code එක නිවැරදිව එතනින් ටයිප් කරලා               (ex : http://bb5.at/huawei.php?imei=357123035115707) එන්ටර් කරන්න. ඊට පස්සේ පහල තියනවා වගේ ඔයාලාගේ unlock code එක ලැබෙනවා.මම කලින් දාලා තියන උදාහරණයට අනුව ලැබෙන්නේ මෙහෙමයි.

 ඊට පස්සේ ඩොන්ගල් එක සපෝට් නැති සිම් එකක් දාලා පරිගණකයට සම්බන්ධ කරහාම් unlock code එක අහන තැනට අපි ලබා ගත්ත unlock code එක නිවැරදිව ඇතුලත් කරලා ok කරන්න.දැන් ඕනි සිම් එකක් දාලා ඔයාලාගේ Huwavi dongal එක පාවිච්චි කරන්න පුලුවන් :)
 මේ ක්‍රම දෙක බාවිතා කරලා ඉතාම ලේසියෙන් ඔයාලාගේ ZTE සහ Huwavi ඩොන්ගල් අන්ලොක් කරගන්න පුලුවන්.කවදාවත් මම ඔයාලාට මම අත්හදා නොබලපු දෙයක් දීලා ඔයාලාව අමාරුවෙ දාන්නේ නෑ.Huwavi ඩොන්ගල් එකේ නිදසුනට මම දාලා තියෙන්නේ මම දැන් පාවිච්චි කරන huwavi e 1550 ඩොන්ගල් එක අන්ලොක් කර ගත්ත code එක. ඒ වගේම මම මගේ මිතුරෙක් ගේ ZTE mf 180 ඩොන්ගල් එකකුත් සාර්ථකව අන්ලොක් කරලා දුන්නා.කිසිම කරදරයක් නැතුව දැන් ඒ ඩොන්ගල් හොදට වැඩ කරනවා.

වැදගත් : 
 *ඩොන්ගල් එකට අන්ලොක් කෝඩ් එක එන්ටර් කරන්න පුලුවන් 10 පාරක් විතරයි.ඒ නිසා කෝඩ් එක හරියටම එන්ටර් කරන්න.
* අන්ලොක් වෙන ක්‍රියාවට විනාඩි කීපයක් ගත වෙන්න පුලුවන් විශේෂයෙන් මේක අදාල වෙන්නේ ZTE ඩොන්ගල්වලට.ඒ නිසා UPS එකක සම්බන්ධ කරලා තියන පරිගණකයකින් හෝ Laptop එකක් මේ සදහා යොදා ගන්නවා නම් වඩාත් හොදයි.හදිසි විදුලි විසන්දි වීමකින් ඩොන්ගල් එකට හානි වෙන්න පුලුවන්.
* ඔයාලාගෙ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න අත්‍යවශය නම් විතරක් අන්ලොක් කරගන්න එක වඩාත් හොදයි.ඩොන්ගල් එක තාම වගකීම්කාලය යටතේ තියනවා නම් අන්ලොක් කරන්න යන්න එපා.වගකීම අහෝසි වෙනවා.

 එහෙනම් මම කියලා තියන විදිහට හදිස්සි නොවී හෙමීට මේක කරලා බලන්න.මේ ගැන ඔයාලගේ අදහසුත් පහල කමෙන්ට් කරලාම යන්න.ගැටළුවක් තිබුනොත් ඒවාත් අහන්න. එහෙනම් මම ගියා.. :)

Tuesday, October 4, 2011

ඩොන්ගල් එකෙන් Video Calls ගන්න

 ඉතිං කොහොහොමද කට්ටියට ? මේ පාර නම් වැඩි කාලයක් ගන්නේ නතුවම බ්ලොග් එකේ ආපහු පෝස්ට් එකක් දාන්න ඉඩක් ලැබුනා.මීට කලින් ලියපු "ඩොන්ගල් එකෙන් Calls ගන්න" ලිපියට යහපත් ප්‍රතිචාර තිබුනා.ඒ වගේම ඩොන්ගල් එකෙන් video calls ගන්න කරපු අත්හදා බැලීමත් සාර්ථක වුනා.ඒ නිසා මට හිතුනා මේ ලිපියත් ඉක්මනටම ලියන්න.
හරි දැන් වැඩේට බහිමු.ඉස්සරලාම කියන්න ඕන මේ වැඩේ හරි යන්නේ Huwavi ඩොන්ගල්වලට විතරයි. ඩොන්ගල් එක video calls ගන්න හදාගන්න නම් ඩොන්ගල් සොෆ්ට්වෙයා එකේ ඒ කියන්නේ Mobole partner එකේ දැනටමත් voice call ගැනීමේ පහසුකම තියෙන්න ඕනි.ඒ පහසුකම තියන Mobile partner එක නැත්නම් මෙතනින් ගිහින් මගේ කලින් ලිපිය කියවලා ඒ සොෆ්ට්වෙයා එක අරගෙන ඉන්න.
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...හැමෝටම තේරෙන්න මම රූප සටහන් එක්ක පියවරෙන් පියවර කියලා දෙන්නම්.
1.මම හිතන්නම් දැනට ඔයාලා ගාව තියන Mobile partner එක මේ වගේ කියලා... පේනවානේ ඒකෙන් video call ගන්න බෑ.


2.ඔබේ පරිගණකයේ Mobile partner එක රන් වෙනවා නම් ඒක close කරන්න (මෙය ඉතා වැදගත්)

3.ඉන්පසු ඔබේ පරිගණකයේ Mobile partner ඉන්ස්ටෝල් වෙලා තියන තැනට යන්න.ගිහින් SysSetting.xml    කියන ෆයිල් එක හොයාගන්න. Ex : C:\Program Files\Mobile Partner\SysSetting.xml.
4.දැන් මේ ෆයිල් එක එඩිට් කරන්න ඕනි.ඒ නිසා කෝකටත් මේ ෆයිල් එකේ කොපියක් වෙන තැනකට අරන් තියාගන්න.ඊට පස්සේ original file එක (C:\Program Files\Mobile Partner\SysSetting.xml) note pad එක බාවිතා කරලා open කරගන්න.
5.එහෙම open කරගෙන මෙන්න මේ කොටස තියන තැන හොයාගන්න.

 
6.එතකොට ඔයාලාට දැකගන්න පුලුවන් call video කියන තැන 0 ටයිප් වෙලා තියනවා.අන්න ඒ 0 මකලා,එතන 1 ටයිප් කරලා ෆයිල් එක save කරලා close කරන්න.
7.ඊට පස්සේ Mbile partner එක open කරන්න.එතකොට මෙන්න මේ වගේ video call ගන්න බට්න් එකක් එක්ක දැක ගන්න පුලුවන්.


8.දැන් video calls ගන්න පහසුකම ඔයාලාට ලැබිලා තියනවා.ඔයාලාගේ web cam එක හරියට තෝරාගෙන එකේ settings කැමති විදිහකට හදාගන්න,මෙතනට ගිහින් Tools>>Options>>Video Call.


9.ඊට පස්සේ ඔයාට video call එක ගන්න ඕන අංකය ටයිප් කරලා අර අලුතින් ආව video call ගන්න බට්න් එක ක්ලික් කරන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් ඔපන් වෙනවා.ඒකෙන් ඔයාවයි.video ඇමතුමට සම්බන්ධ වෙලා ඉන්න අනිත් කෙනාවයි බ්ලාගන්න පුලුවන් :)


10.දැන් වැඩේ අහවරයි.ඔයාලාට ඔන කෙනෙක්ට දැන් ඩොන්ගල් එකෙන්ම video calls ගන්න පුලුවන්.

* මතක තියාගන්න.ඩොන්ගල් එකෙන් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා ඉන්නකොට මේ පහසුකම වැඩකරන්නේ නැහැ.ඒ වගේම video call එකක් ගන්න නම් wcdma.hsdpa,hspa කියන සිග්නල් වර්ග 3 න් එකක් තියෙන්න ඕනි.

 කොහොමද වැඩේ හොදයි නේද ? :) මම මේක Huwavi, e1550 සහ e1750 කියන ඩොන්ගල්වලට සාර්ථකව අත්හදා බලුවා.ඒ කරලා තයි මම මේ ගැන ඔයලාට කිවුවේ.එහෙනම් වැඩේ කරලා බලන්නකො.මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලම යන්න.මොනවා හරි ගැටළුවක් තිබුනොත් ඒකත් අහන්න.එහෙනම් මම ගියා... :)






Friday, September 30, 2011

ඩොන්ගල් එකෙන් calls ගන්න

කොහොමද කට්ටියට..? ටික කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුනා.මම කලින් ලියපු fake fb profile ගැන ලිපිය යම්තාක් දුරකට හරි වැඩ කරලා තියනවා.මම එහෙම කියන්නේ දැන් මම fb එකේ මම ඒ වෙනුවෙන් හදපු ගෲප් එකේ 1000 ට ආසන්න සාමජිකයන් ගණනක් fake profile වලට විරුද්ධව වැඩ කරන නිසයි.ඒක සතුටට කාරණයක්.කැමතිනම් මෙතනින්ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්.

හරි දැන් අද කතාකරන මාතෘකාවට බහිමුකෝ.ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් යන අයට Mobile partner සොෆ්ට්වෙයාර් එක ගැන අමුතුවෙන් කියන්න ඔන නහැනේ.හැමෝම වගේ ඒ ගැන දන්නවා.නොදන්න අයට මම කෙටියෙන් කියන්නම්. Mobile partner කියන්නේ Huwavi ඩොන්ගල්වලට විතරක් එන පරිගණකය,අන්තර්ජාලයට සම්බන්ධ කරන සොෆ්ට්වෙයා එකක්.ඉතිං මුලදී ආව හුවාවි ඩොන්ගල්වල තිබුන මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් සරලයි.ඒකෙන් කරන්න පුලුවන් වුනේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන එකයි sms යවන එකයි විතරයි.ඒත් ඊට පස්සේ ආව ඩොන්ගල්වල මේ සොෆ්ට්වෙයා එක අප්ඩෙට් කරලා වඩාත් පහසුකම් සමග ලබාදීලා තියනවා.මේ අලුත් Mobile partner එකෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමට අමතරව SMS,MMS,GPS,USDD සහ Calls ගැනීමේ පහසුකම් පවා ලබාදී තිබෙනවා.ඉතිං දැන් පරණ ඩොන්ගල් තියන අය මොකද කරනේ මෙච්චරයි..,"මෙතනින්" ගිහින් අලුත් Mobile partner එක බාගන්න password එකට haripara කියලා ලබා දෙන්න.ඊට පස්සේ RaR file එක එක්ස්ට්‍රැට් කරගෙන setup එක රන් කරලා පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න.එතකොට පරණ සොෆ්ට්වෙයාර් එක අයින් කරන්න අහයි.ඒකට yes කියල ලබාදෙන්න.සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් වෙනකොට ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ද කරන්න වුවමනා වෙන්නේ නැහැ.ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාට පස්සේ මෙන්න මේ වගේ අලුත් සොෆ්ට්වෙයා එක දැක ගන්න පුලුවන්.


මේකේ call,mms ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මෙකේ usdd කියන එකෙන් පුලුවන් සිම් එකේ ඉතුරු වෙලා තියන මුදල බලාගන්න,කාර්ඩ් එකක් දාගන්න වගේ දේවල්වලට අවශ්‍ය code ට්යිප් කරලා send කිරීම මහින් අදාල තොරතුරු ලබාගන්න. ex : dialog connection එකක නම් usdd කොට්සට ගිහින් *#456# type කරලා send කලාම සිම් එකේ ඉතිරි මුදල බලාගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරාම ඩොන්ගල් එකේ තියන මොබයිල් පාට්නර් එක අප්ඩේට් වෙන් නැහැ.ඒ නිසා ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කලාම ඒකෙන් එන auto run එකෙන් mobile partner එක open කරන්න එපා.එහෙම කලොත් open වෙන්නේ පරණ සොෆ්ට්වෙයා එකමයි.ඒ නිසා ඒ එන autorun එක close කරලා ඩෙස්ක්ටොප් එකේ තියන mobilepartner එක ඔපන් කරගන්න.ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්න කරන්න ඕනනම් ඩොන්ගල් එකේ firmware සහ dashboard අප්ඩේට් කරන්න වෙනවා.ඒක ටිකක් අමාරු වෑඩක්.හරියට කලේ නැත්නම් ඩොන්ගල් එකට හානිවෙන්න පවා පුලුවන්.නමුත් මම මේ දීලා තියන සොෆ්ට්වෙයාර් එකෙන් එහෙම කිසිම හානියක් වෙන්නේ නෑ.ඒ නිසා බය නැතුව මේක පාවිච්චි කරන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එකමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයාර් එකේම පොඩි වෙනසක් කරලා Video calls ගන්න හදාගන්නත් පුලුවන්.මම තාම ඒක කරලා බලුවේ නැහැ.වැඩේ හරිගියොත් මම ඉක්මනින්ම ඉදිරි ලිපියකින් ඒ ගැනත් කට්ටියට කියලා දෙන්නම්.
එහෙනම් මේ ගැන ඔයාලාගේ අදහස් පහල කමෙන්ට් කරලා යන්න.මොනවා හරි ගැටලු තිබුනොත් ඒවාත් අහන්න.එහෙනම් මම ගියා... :)

Tuesday, September 20, 2011

Fake හෙවත් ව්‍යාජ fb ගිණුම්

මට ලෑබුන අත්දෑකීමක් එක්ක මට හිතුනා මූණු පොතේ ඒ කිවුවෙ අපි හෑමෝම දන්න face book එකේ තියන fake profile ගෑන ලියන්න.ඈත්තම කියනවානම් ලංකාවේ මේ වගේ බොරු fb ගිණුම් පවත්වාගෙන යන පිරිස මෑත කාලීනව එන්න එන්නම වෑඩි වෙනවා.මේක අපි කතා කල යුතු මාතෘකාවක් බවට පත් වෙන්නේ මෙහෙම හදන බොහොමයක් බොරු ගිණුම් වලින් ඉතාමත් පහත් අන්දමේ ක්‍රියාවන් සිදුවන නිසයි.බහුතර පිරිසක් ඉන්නවා තමන්ගේ ඈත්ත ගිණුමට අමතරව වෙනත් නම් වලින් fb ගිණුමක් හෝ කිපයක් පවත්වගෙන යන.සමහරු එහෙම කරන්නේ විහිළුවට එහෙමත් නෑත්නම් වෙන යහපත් අරමුණක් වෙනුවෙන්. (අද ඉතිං ඈත්ත නමින් ඈත්ත කතා කරන්න බෑනේ :) ඒ වගේ අයට මම විරුද්ධ නෑ.නමුත් මම ක්ලින් කිවුවා වගේ තව සම හරක් ඉන්න්වා හරක් වත් නොකරන විදිහේ වෑඩ මේ බොරු fb ගිණුම් හරහා කරගෙන යන.මේක අපි අනිවාර්යයෙන් විරුද්ධ විය යුතු කාරණයක්.මොකද මේ වගේ සුළු පිරිසක් කරන දේවල් නිසා facebook පරිහරණය කරන හෑමෝටම ඈතිවෙන්නේ විශාල කළු පෑල්ලමක්.මට මේ වගේ බොරු ගිණුමකින් වුන දෙයක් මම කියන්නම්.pool live tour කියන fb ගේම් එක ගොඩක් දෙනෙක් දන්නවා ඈති කියලා මම හිතනවා.මමත් සමහර වෙලාවට ඒ ගේම් එක ප්ලේ කරනවා.පහුගිය දවසක මම ඒක ප්ලේ කරනකොට opponent විදිහට හම්බුනේ ලංකවෙම ගෑහෑණු ළමයෙක්.මම මගේ පාඩුවේ ගේම් එක ප්ලේ කරගෙන යනකොට ටික වෙලාවකින් මගේ opponent විදිහට හිට්ය ගෑහෑණු ළමයාගෙන් game එකේ chat එකෙන් (මම chat නොකර) එක දිගට ඉතාම පහත් අන්දමෙ වචන එව්න්න පටන් ගත්තා.මම ඒ වෙලාවේ තමා දෑනගත්තේ මේ ඉන්නේ ඈත්ත ගෑණු ළමයෙක් නොවන පුද්ගලයෙක් බව.මොහු එවපු වචන බ්ලොග් එකේ ලියන්න බෑරි තරම්ම පහත්.ඒ කියපු දේවල් එක්ක මට හිතුනේ මේ ඉන්නේ අම්මා කෙනෙක් ගේ බඩින් ඉපදුන් නෑති ඕපපාතිකයෙක් ද කියලයි.ඒ තරම්ම පහත් දේවල් මට කියද්දී මට නිකම්ම අයින් වෙන්න බෑරි නිසා ඒ පුද්ගලයා එවපු දේවල්වලට හරියන්න එකම එක දෙයක් කියලා මම අයින් වුනා.ඒ කෙනාගේ fake profile එක බලන්න ඕන නම් මෙතනින් යන්න.පස්සේ මම ටිකක් මෙ profile එක ගෑන හොයලා බලුවා.එත්කොට මම දෑක්කා මොහුගේ friendas list එකේ මගේ මිතුරියක් ඉන්න බව.මම ඈයගෙන් අසා දෑනගත් කරුණු අනුව මෙ පුද්ගලයා මගේ මිතුරිය සමගත් chat කරන්න උත්සහ අරගෙන තියනවා.ඈය ඊට ප්‍රතිචාර නොදක්වපු නිසා මොහු ඈයටත් පහත් අන්දමින් message එවලා තිබුනා. ඊට පස්සේ තමා මට හිතුනේ මේ වගේ දේවල්වලට පුලුවන් තරමින් හරි විරුද්ධ වෙන එක අපි හෑමෝටම හොද දෙයක් බව.අන්න ඒ නිසා තමයි මම මේ වගේ පහත් වෑඩ කරන්න බොරු fb profile හදාගෙන ඉන්න අයට විරුද්ධව  fb එකේම මගේ මිතුරු මිතුරියන් සම්බන්ධ කරගෙන " Hate fake fb profiles (බොරු fb ගිණුම්වලට විරුද්ධ්වන්න) " කියන group එක නිර්මාණය කලේ.



මම මේ group එක හෑදුවේ පොරක් වෙන්න නෙමෙයි...අපි හෑමෝගෙම හොදට.ඒ නිසා මම ඉල්ලන්නේ කෑමතිනම් මෙතන ක්ලික් කරලා මේ group එකට එකතු වෙන්න.ඔයාලා දන්න fake fb profile මේ group එකේ post කරන්න.එතකොට අපිට පුලුවන් වෙයි facebook එක හෑමෝටම බය නෑතුව පාවිච්චි කරන තෑනක් කරන්න.එහෙනම් මෙගෑන ඔයාලාගේ අදහස් මට කියන්න.ඒ අදහස් මට ගොඩක් වටිනවා. එහෙනම් මම ගියා... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader