Tuesday, October 4, 2011

ඩොන්ගල් එකෙන් Video Calls ගන්න

 ඉතිං කොහොහොමද කට්ටියට ? මේ පාර නම් වැඩි කාලයක් ගන්නේ නතුවම බ්ලොග් එකේ ආපහු පෝස්ට් එකක් දාන්න ඉඩක් ලැබුනා.මීට කලින් ලියපු "ඩොන්ගල් එකෙන් Calls ගන්න" ලිපියට යහපත් ප්‍රතිචාර තිබුනා.ඒ වගේම ඩොන්ගල් එකෙන් video calls ගන්න කරපු අත්හදා බැලීමත් සාර්ථක වුනා.ඒ නිසා මට හිතුනා මේ ලිපියත් ඉක්මනටම ලියන්න.
හරි දැන් වැඩේට බහිමු.ඉස්සරලාම කියන්න ඕන මේ වැඩේ හරි යන්නේ Huwavi ඩොන්ගල්වලට විතරයි. ඩොන්ගල් එක video calls ගන්න හදාගන්න නම් ඩොන්ගල් සොෆ්ට්වෙයා එකේ ඒ කියන්නේ Mobole partner එකේ දැනටමත් voice call ගැනීමේ පහසුකම තියෙන්න ඕනි.ඒ පහසුකම තියන Mobile partner එක නැත්නම් මෙතනින් ගිහින් මගේ කලින් ලිපිය කියවලා ඒ සොෆ්ට්වෙයා එක අරගෙන ඉන්න.
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...හැමෝටම තේරෙන්න මම රූප සටහන් එක්ක පියවරෙන් පියවර කියලා දෙන්නම්.
1.මම හිතන්නම් දැනට ඔයාලා ගාව තියන Mobile partner එක මේ වගේ කියලා... පේනවානේ ඒකෙන් video call ගන්න බෑ.


2.ඔබේ පරිගණකයේ Mobile partner එක රන් වෙනවා නම් ඒක close කරන්න (මෙය ඉතා වැදගත්)

3.ඉන්පසු ඔබේ පරිගණකයේ Mobile partner ඉන්ස්ටෝල් වෙලා තියන තැනට යන්න.ගිහින් SysSetting.xml    කියන ෆයිල් එක හොයාගන්න. Ex : C:\Program Files\Mobile Partner\SysSetting.xml.
4.දැන් මේ ෆයිල් එක එඩිට් කරන්න ඕනි.ඒ නිසා කෝකටත් මේ ෆයිල් එකේ කොපියක් වෙන තැනකට අරන් තියාගන්න.ඊට පස්සේ original file එක (C:\Program Files\Mobile Partner\SysSetting.xml) note pad එක බාවිතා කරලා open කරගන්න.
5.එහෙම open කරගෙන මෙන්න මේ කොටස තියන තැන හොයාගන්න.

 
6.එතකොට ඔයාලාට දැකගන්න පුලුවන් call video කියන තැන 0 ටයිප් වෙලා තියනවා.අන්න ඒ 0 මකලා,එතන 1 ටයිප් කරලා ෆයිල් එක save කරලා close කරන්න.
7.ඊට පස්සේ Mbile partner එක open කරන්න.එතකොට මෙන්න මේ වගේ video call ගන්න බට්න් එකක් එක්ක දැක ගන්න පුලුවන්.


8.දැන් video calls ගන්න පහසුකම ඔයාලාට ලැබිලා තියනවා.ඔයාලාගේ web cam එක හරියට තෝරාගෙන එකේ settings කැමති විදිහකට හදාගන්න,මෙතනට ගිහින් Tools>>Options>>Video Call.


9.ඊට පස්සේ ඔයාට video call එක ගන්න ඕන අංකය ටයිප් කරලා අර අලුතින් ආව video call ගන්න බට්න් එක ක්ලික් කරන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් ඔපන් වෙනවා.ඒකෙන් ඔයාවයි.video ඇමතුමට සම්බන්ධ වෙලා ඉන්න අනිත් කෙනාවයි බ්ලාගන්න පුලුවන් :)


10.දැන් වැඩේ අහවරයි.ඔයාලාට ඔන කෙනෙක්ට දැන් ඩොන්ගල් එකෙන්ම video calls ගන්න පුලුවන්.

* මතක තියාගන්න.ඩොන්ගල් එකෙන් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා ඉන්නකොට මේ පහසුකම වැඩකරන්නේ නැහැ.ඒ වගේම video call එකක් ගන්න නම් wcdma.hsdpa,hspa කියන සිග්නල් වර්ග 3 න් එකක් තියෙන්න ඕනි.

 කොහොමද වැඩේ හොදයි නේද ? :) මම මේක Huwavi, e1550 සහ e1750 කියන ඩොන්ගල්වලට සාර්ථකව අත්හදා බලුවා.ඒ කරලා තයි මම මේ ගැන ඔයලාට කිවුවේ.එහෙනම් වැඩේ කරලා බලන්නකො.මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලම යන්න.මොනවා හරි ගැටළුවක් තිබුනොත් ඒකත් අහන්න.එහෙනම් මම ගියා... :)






8 comments:

  1. මචො සොෆ්ට් එක වෙනස් කර වගේම,ඩොන්ගල් එක සතු වගකිම නෑතුව යනවා නේද????.............

    ReplyDelete
  2. @ CJSOFTNET, නැහැ මිත්‍රයා.මෙතනදී ඩොන්ගල් එකේ එන සොෆ්ට්වෙයා එක වෙනස් වෙන්නේ නෑ.එහෙම කරන්න ඕන නම් dongal එකේ dasboard update කරන්න ඕනි.මෙත්නදී කරලා තියෙන්නේ පරිගණකයේ ඉන්ස්ටෝල් වෙලා තියන සොෆ්ට්වෙයා එකේ පොඩි වෙනසක් කිරීම විතරයි.ඒ නිසා ඩොන්ගල් එකටවත්,ඒකේ වගකීමටත් හානියක් වෙන්නේ නෑ. :)

    ReplyDelete
  3. Macho meken call gaddi salli kapenawada ??

    ReplyDelete
  4. @ AshenTM, මේකෙන් call ගන්නකොට ඔබ භාවිතා කරන දුරකතන ජාලයේ අදාල ගාස්තු මේ සදහා අය වෙනවා. :)

    ReplyDelete
  5. yaluwe wedenam elakiri mage ඩොන්ගල් eke thiyenne Connect Manager mata kiyadenawada mekata isthirawama Mobole partner daganna widiya
    pls

    ReplyDelete
  6. @ සුරංග, ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි මිත්‍රයා.. :) Dongal එකට ස්ථිරවම Mobile Partner දාන්න නම් ඒකේ firmware (dongal එකේ software එක සහ hardware සම්බන්ද කරන වැඩසටහන) එක සහ dashboard (dongal එකේ සොෆ්ට්වෙයාර් එක) කියන වැඩසටහන් දෙකම අප්ඩේට් කරන්න වෙනවා.ඒක ටිකක් අමාරු වැඩක්..මම එහෙම කියන්නේ,හරියට ඒක නොකලොත් ඩොන්ගල් එකට හානි වෙන්නත් පුලුවන්.ඒ නිසා මම නම් කියන්නේ ඩොන්ගල් එකේ තියන සොෆ්ට් එකම තියාගන්න.ඒත් ඔයාට අවදානමක් ගන්න පුලුවන් නම් මට ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි ඒක unlock එකක්ද නැත්ද කියලාත් කියන්න. :)

    ReplyDelete
  7. ඔයා දුන්න Mobile Partner එක mediafire වලින් දැන් ඩව්න්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ. කරුණාකරලා වෙන link 1ක් හරි නැත්නම් ඒ Mobile Partner මොන Version එකද කියල හරි කියන්න පුලුවන්ද?

    ReplyDelete
  8. @Ano, ඒ Mobile Partner එක තාම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. මෙන්න ලින්ක් එක >>> http://www.mediafire.com/download/wp67fpi73k07g97/Mobile+Partner+by+haripara.blogspot.com.rar <<< Password > haripara
    Rply කරන්න ප්‍රමාද වුන එකට Sorry :)

    ReplyDelete

ඔයාලා කැමති නම් මේ බ්ලොග් එක follow කරන්න.. ඒ වගේම ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා මගේ මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලාම යන්න... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader