Friday, March 16, 2012

මානසික රෝගීන් සහ ෆේස්බුක්

එක එක හේතු නිසා බ්ලොග් එකට එන්න ලැබුනේ නෑ සෑහෙන කාලෙකින්. මිනිස්සු උනහාම එක එක ප්‍රශ්න එනවානේ...දැන් ඒවා හරි.බ්ලොග් එකේ ස්වරූපයත් ටිකක් වෙනස් කරා. මීට පස්සේ දිගටම මේ බ්ලොග් එක කරගෙන යන්න මට පුලුවන් වෙයි.එහෙනම් දැන් කියවන පටන් ගමු : )


ෆේස්බුක් එක ගැන නම් කාටවත් අමුතුවෙන් කියන උවමනා නැහැ.හැමෝගෙම එදිනෙදා ජීවිතේ අංගයක් බවට අද වෙනකොට ෆේස්බුක් පත්වෙලා ඉවරයි.ඒ තරම්ම පිරිසක් අදවෙනකොට ෆේස්බුක් බාවිතා කරනවා. "හොදට නරකට දෙකට කටමය "..වගේ ෆෙස්බුක් එකත් අද ඒ දෙකටම යොදාගැනෙනවා.
ඒත් මේ වෙනකොට හොදට වඩා නරකට ෆේස්බුක් බාවිතා කරන එක ලංකාවෙත් එන්න එන්නම වැඩිවෙනවා. මෑතක ඉදන් තමන්ගේ පහත් අශාවන් ඉශ්ට කරගන්න බැරිවුන මානසික රෝගීන් මේ හරහා ඒ ආසාවල් ඉටුකරගන්න උත්සාහ කරන එක නම් ඉතාම භයානක කාරණයක්.
ඒත් එක්කම ලංකාවෙ ඉන්න ජාතින් අතර අසමගියක් ඇතිකරන්න උත්සාහ කරන පිරිසකුත් අපිට මේ වෙනකොට දැකගන්න පුලුවන්.

මේ වගේ කාරනා නිසා දැන් ඉස්සර වගේ නිදහසේ ෆෙස්බුක් යන එකත් ගොඩක් දෙනෙක්ට අහිමියි.ෆේස්බුක්එකේ හිටය යහපත් ගතිගුණ තිබුන අය අද වෙනකොට ඒ ගැන කලකිරිලා ෆේස්බුක් එකෙන් ඉවත් වෙලා.එහෙමත් ඒ අයගේ එකවුන්ට් හැක් කරලා.ගැහැණු ළමයි වගේ ඉන්නේ නපුංසක පිරිසක්.ගොඩක් ඇත්ත ගැහැණු ළමයින්ට මේ අය නිසා වෙන කරදර අනන්තයි.පිරිමි ළමයින්ටත් මේ වගේම නොයෙකුත් අන්දමේ කරදරවලට අද වෙනකොට මූණපාන්න සිදුවෙලා.

මේ වගේ සුළු,මානසික රෝගී පිරිසක් කරන දේවල් නිසා අපහසුතාවයන්ට ලක්වන පිරිස අනන්තයි.ඔයාලාටත් මේ වගේ අයගෙන් ගොඩක් කරදර වෙලා ඇති.අසභ්‍ය වචනවලින් බැනලා..ඒ වගේම පින්තූර ටැග් කරලා,ඔයාලාගෙ පින්තූර අරන් වෙන ප්‍රොෆයිල් හදාගෙන..මේ වගේ නොයෙකුත් දේවල් ඔයාලාටත් වෙලා ඇති.

ඉතිං ඇයි අපි මේ වගේ අයට ඉඩදීලා බලාගෙන ඉන්නේ.මේ වගේ අයව නවත්වන්න අපිට මොනවද කරන්න පුලුවන් ?  ඉස්සරලාම කරන්න පුලුවන් දේ තමයි මේ වගේ මානසික රෝගින්ව බ්ලොක් කරන එක,එහෙමත් නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් කරන එක..ඊට පස්සේ පිට පුලුවන් මේ අය ගැන රිපෝර්ට් කරන්න.ඒත් එක රිපෝර්ට් කිරීමකින් ප්‍රොෆයිල් එකක් ඉවත් වෙන්නේ නැහැ.සාමාන්‍යයෙන් එකම විදිහේ රිපෝර්ට් 20 ක් වත් ඕන කරනවා ෆ්‍රොෆයිල් එකක් අයින් වෙන්න.ගොඩක් අසභ්‍ය දේවල් තියන ෆ්‍රොෆයිල් එකක් නම් ඊට වඩා අඩු රිපෝර්ට් ගානකින් ඉවත් කරන්න පුලුවන්.
මේ වගේ අයව පිරිසක් එකතුවෙලා රිපෝර්ට් කරනවා නම් ගොඩක් ඉක්මනට අපිට මේ වගේ අයව ඉවත් කරන්න පුලුවන්.ඒ නිසා  මේ වගේ අයව රිපොර්ට් කරන්න ගෲප් එකක් තියනවා " පීඩාකාරී fb ගිනුම් නවතාලමු - Hate Abusive fb Profiles " ,මේ වගේ මානසික රෝගීන්ට විරුද්ධව වැඩ කරන්න කැමති නම් ඒ ගෲප් එකට එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා.ෆේස්බුක් එකේ ඉන්න කාගෙන් හරි ඔයලාට පීඩාකාරී දෙයක් වෙනවා නම් ඒ කෙනාගෙ ප්‍රොෆයිල් ලින්ක් එක මේ ගෲප් එකේ පොස්ට් කරන්න පුලුවන්.එතකොට ගෲප් එකේ අය ඒක රිපෝර්ට් කරනවා.


ඒ වගේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවත් ෆේස්බුක් හරහාම විතරක් නෙමෙයි,අන්තර්ජාලයෙන් සිදුවෙන අපරාධ වලක්වන්න ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) නමින් විශේෂ ඒකකයක් පිහිටවලා තියනවා.ඔයාලාගෙ එකවුන්ට් එක හැක් උනොත්,ෆේස්බුක් හරහා යම් අසාධාරණයක් වෙනවා නම් හෝ ලංකාව තුළ වෙන‍ත් ඕනැම අන්තර්ජාල අපරාධයක් සම්බන්ධව මේ ඒක්කකයට පැමිණිලි කරන්න පුලුවන්.

මේ තියෙන්නේ ඒකේ විස්තර >  
Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,
               Colombo 07, Sri Lanka.
Tel  : +94 11 269 1692 / +94 11 269 1064 / +94 11 267 9888
Fax : +94 11 269 1064 
E-Mail : slcert@cert.gov.lk

එහෙනම් මේ තමයි අද ලිපියේ අවසානය.මේ ලිපිය ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරලාම යන්න.එහෙනම් මම ගියා... ජය වේවා !

  

0 comments:

Post a Comment

ඔයාලා කැමති නම් මේ බ්ලොග් එක follow කරන්න.. ඒ වගේම ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා මගේ මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලාම යන්න... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader