Wednesday, October 19, 2011

Dongal එක Unlock කරගමු

ඉතිං කොහොමද කට්ටියට... ඔන්න අදත් මම් ඔයාලාට වැදගත්වෙයි කියලා හිතෙන දෙයක් අරගෙන ආවා.අපි ගොඩක් දෙනෙක් අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ ඩොන්ගල් බාවිතා කරලා කිවුවොත් මම වැරදි නෑ.මොකද අන්තර්ජාලයට ඕනම කෙනෙක්ට සම්බන්ද වෙන්න පුලුවන් ලේසිම ක්‍රමය තමා ඩොන්ගල් එකක් බාවිතා කිරීම.හැබැයි ගැටළුවකට තියෙන්නේ...අපි පාවිච්චි කරන ගොඩක් ඩොන්ගල්,එක සිම් වර්ගයක් පමණක් පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලොක් කරලා තියන එක.අපි කීයක් හරි හොයාගෙන ගන්න ඩොන්ගල් එකටත් ලොක් එකක් දාල දෙනවා ...හරියට " අපේ සිම් එකක් ඇර වෙන එකක් පාවිච්චි කරොත් බලාගෙනයි ! " වගේ.එහෙම කියලා අපි සල්ලි දීලා ගන්න අපේ ඩොන්ගල් එක කාටවත් ඕන විදිහට පාවිචිචි කරන්නේ මොකද ? අන්න ඒ නිසා තමයි ඔයාලා එහෙම ලොක් කරපු ඩොන්ගල් එකක් පාවිච්චි කරනවා නම් ඒක අන්ලොක් කරගෙන,අපිට ඕන සිම් එකක් දාලා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ලේසි ක්‍රමයක් කියලා දෙන්න මම අදහස් කරේ.

අපි ගොඩක් දෙනෙක් බහුලව බාවිතා කරන්න ඔන්න ඔය වර්ග දෙකේ ඩොන්ගල්.ඉතිං අපිට ඩොන්ගල් එක අන්ලොක් කරගන්න නම් අපි පාවිච්චි කරන ඩොන්ගල් එකේ IMI CODE එක දැනගෙන ඉන්න ඕනේ.මේ කෝඩ් එක පහසුවෙන්ම හොයා ගන්න පුලුවන් ඩොන්ගල් එකට සිම් එක දාන තැන බලපුවහාම...ඒක හොදට බලලා හරියටම ලියලා තියාගන්න.
ඉස්සරලාම මම කියන්නම් ZTE ඩොන්ගල් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා.. පහල තියන ලින්ක් එක ක්ලික් කරලා එන page එකට යන්න.


එහෙම ක්ලික් කරාට පස්සේ මේ වගේ page එකක් ඔයාලාට දකින්න පුලුවන්
 ඒ එන page එකේ මම රතු පාටින් පෙන්නලා තියන තැනට අපි අර කලින් හොයාගත්ත IMI එක නිවැරදිව ටයිප් කරන්න.ඊට පස්සේ GET NCK කියන තැන ක්ලික් කරන්න.එතකොට ඒ imi එකට අදාල අන්ලොක් කෝඩ් එක ලැබෙනවා.ඒකත් හරියට ලියලා හරි new txt එකක හරි paste කරලා තියාගන්න.ඊට පස්සේ දැන් ඩොන්ගල් එකේ තියන සිම් එක අයින් කරලා...ඩොන්ගල් එක සපෝර්ට් නොකරන වෙන නෙට්වර්ක් එකක සිම් එක දාලා ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කරන්න.එතකොට unlok code එක අහලා එන තැනට අපි අර කලින් ලබාගත්තු unlock code එක ඇතුලත් කරලා ok කරන්න.දැන් වැඩේ හරි.කැමති සිම් එකක් දාලා දැන් ZTE dongal එක පාවිච්චි කරන්න.

Huwavi Dongal එක unlock කරන්නේ මෙහෙමයි.පහළ තියන code එක ඔයාලාගේ browser එකේ address bar එකට copy paste කරගන්න.

http://bb5.at/huawei.php?imei=$$$$$$$$$$$$$$$

ඒකේ $ තියන ටික මකලා ඔයාගේ ඩොන්ගල් එකේ IMI code එක නිවැරදිව එතනින් ටයිප් කරලා               (ex : http://bb5.at/huawei.php?imei=357123035115707) එන්ටර් කරන්න. ඊට පස්සේ පහල තියනවා වගේ ඔයාලාගේ unlock code එක ලැබෙනවා.මම කලින් දාලා තියන උදාහරණයට අනුව ලැබෙන්නේ මෙහෙමයි.

 ඊට පස්සේ ඩොන්ගල් එක සපෝට් නැති සිම් එකක් දාලා පරිගණකයට සම්බන්ධ කරහාම් unlock code එක අහන තැනට අපි ලබා ගත්ත unlock code එක නිවැරදිව ඇතුලත් කරලා ok කරන්න.දැන් ඕනි සිම් එකක් දාලා ඔයාලාගේ Huwavi dongal එක පාවිච්චි කරන්න පුලුවන් :)
 මේ ක්‍රම දෙක බාවිතා කරලා ඉතාම ලේසියෙන් ඔයාලාගේ ZTE සහ Huwavi ඩොන්ගල් අන්ලොක් කරගන්න පුලුවන්.කවදාවත් මම ඔයාලාට මම අත්හදා නොබලපු දෙයක් දීලා ඔයාලාව අමාරුවෙ දාන්නේ නෑ.Huwavi ඩොන්ගල් එකේ නිදසුනට මම දාලා තියෙන්නේ මම දැන් පාවිච්චි කරන huwavi e 1550 ඩොන්ගල් එක අන්ලොක් කර ගත්ත code එක. ඒ වගේම මම මගේ මිතුරෙක් ගේ ZTE mf 180 ඩොන්ගල් එකකුත් සාර්ථකව අන්ලොක් කරලා දුන්නා.කිසිම කරදරයක් නැතුව දැන් ඒ ඩොන්ගල් හොදට වැඩ කරනවා.

වැදගත් : 
 *ඩොන්ගල් එකට අන්ලොක් කෝඩ් එක එන්ටර් කරන්න පුලුවන් 10 පාරක් විතරයි.ඒ නිසා කෝඩ් එක හරියටම එන්ටර් කරන්න.
* අන්ලොක් වෙන ක්‍රියාවට විනාඩි කීපයක් ගත වෙන්න පුලුවන් විශේෂයෙන් මේක අදාල වෙන්නේ ZTE ඩොන්ගල්වලට.ඒ නිසා UPS එකක සම්බන්ධ කරලා තියන පරිගණකයකින් හෝ Laptop එකක් මේ සදහා යොදා ගන්නවා නම් වඩාත් හොදයි.හදිසි විදුලි විසන්දි වීමකින් ඩොන්ගල් එකට හානි වෙන්න පුලුවන්.
* ඔයාලාගෙ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න අත්‍යවශය නම් විතරක් අන්ලොක් කරගන්න එක වඩාත් හොදයි.ඩොන්ගල් එක තාම වගකීම්කාලය යටතේ තියනවා නම් අන්ලොක් කරන්න යන්න එපා.වගකීම අහෝසි වෙනවා.

 එහෙනම් මම කියලා තියන විදිහට හදිස්සි නොවී හෙමීට මේක කරලා බලන්න.මේ ගැන ඔයාලගේ අදහසුත් පහල කමෙන්ට් කරලාම යන්න.ගැටළුවක් තිබුනොත් ඒවාත් අහන්න. එහෙනම් මම ගියා.. :)

2 comments:

ඔයාලා කැමති නම් මේ බ්ලොග් එක follow කරන්න.. ඒ වගේම ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.ඒ නිසා මගේ මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාලාම යන්න... :)

Related Posts Plugin for WordPress, Blogger...

ඔබ හරිපාරට යොමුකරවන්නන්

lankeeya sithuwili
Nimnaya Blog Reader